28 C
Galle

කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශිකයන්ගේ දැඩි උනන්දුවක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 260ක කොටස් මිල දී ගෙන ඇති අතර විකුණා ඇත්තේ රුපියල් මිලියන 22ක කොටස් පමණි. ඒ අනුව නොකඩවා දින 11ක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශීය ආයෝජකයන්ගේ ශුද්ධ මුදල් ගලා ඒමක් සිදුව ඇත.

මෙය ඉතා සාධනීය තත්වයක් වන අතර විදේශ විනිමය අර්බුදයකට පත්ව සිටින ශ්‍රී ලාංකීය වාණිජ වෙළෙඳ පොළ කෙරෙහි ඉතා හිතකර ලෙස මෙය බලපානු ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 26,310ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,812ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 132 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,865ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 263
  • කොටගල වැවිළි සමාගම රුපියල් මිලියන 104
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 92

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • ඊස්ටන් මර්චන්ට් සමාගම සමාගම 25%
  • හැටන් ප්ලාන්ටේෂන් සමාගම 23%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 220.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 427
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 174

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 260ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 22ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 298ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 160
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 28
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 21

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් ප්ලාන්ටේෂන් සමාගම රුපියල් මිලියන 3.9
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 3.7
  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 2.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!