28 C
Galle

සියලු රාජ්‍ය ආයතන, මහජනතාවට ප්‍රතිචාර දැක්විය යුතු අයුරු ගැන විශේෂ චක්‍රලේඛයක්

Published:

මහජන පැමිණිලි සහ ඉල්ලීම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු ලබා දිය යුතුය යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් යන සියල්ල සඳහා මෙය අදාල වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායදුන්න විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දැක්වෙන්නේ කොරෝනා වසංගත තත්වය ආර්ථික අර්බුදය හේතුවෙන් මහජන ඉල්ලීම් සහ පැමිණිලි සඳහා පිළිතුරු යැවීම ප්‍රමාද වී ඇති බවයි.

එසේ වුව ද ජනතාවට පිළිතුරු දීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව ද එබැවින් මෙවැනි යොමු කිරීම් සඳහා වහාම පිළිතුරු ලිපියක් හෝ යැවිය යුතු බවත්, සති 04ක් ඇතුළත අවසන් පිළිතුර යැවිය යුතු බවත්  එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ..

එමෙන්ම සියලු රාජකාරි ලිපි සඳහා පිළිතුරු යැවීමේදී අදාළ ලිපියේ අත්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ සෘජු දුරකථන අංකය සඳහන් කළ යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

Related articles

error: Content is protected !!