27.1 C
Galle

පොහොට්ටු මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙති ? අයවැය විවාදය ඇරඹේ

Published:

පාර්ලිමේන්තුව අද (31) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇති අතර 2022 අතුරු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආමර්භ වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනකු ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී අද (31) විපක්ෂයේ අසුන්ගැනීමට නියමිත බව ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඇමතිධූර සහ රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ඉල්ලා සිටි අතර එසේ නොලැබෙන්නේ නම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන බව ද කියා සිටියහ.

එයට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියා තිබුණේ අයවැය පරාජයට පත්වුවහොත් මහ මැතිවරණයකට සූදානම් වන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!