27.5 C
Galle

අධිකරණය අසළ වෙඩි තැබීමකින් දෙදෙනකුට තුවාල

Published:

මීගමුව අධිකරණය අසළ දී අද (31) පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

කටාන, දෙමන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක් සහ 40ක් වූ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි. ඔවුන් මීගමුව අධිිකරණය ඉදිරිපිට රැඳී සිටි‍ය දී මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.

මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!