27.5 C
Galle

බිත්තර 04කට ලක්ෂ 05ක්

Published:

වැඩි මිලට බිත්තර අළෙවි කිරීමේ චෝදනාවට වරද පිළිිගත් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එම්.එස්.මැණිකේ කටයුතු කළා ය.

එම වෙළෙඳ සැල් හිමියා පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අ‍ළෙවි කරන බවට ලැබුණු ඔත්තුවකට අනුව එහි ගිය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් දුඹුරු පැහැති බිත්තර 04ක් මිල දී ගෙන ඇති අතර එක් බිත්තරයක් සඳහා රුපියල් 65.00 බැගින් ඔවුන්ගෙන් අය කර ඇත. මේ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණයේ දී චෝදනාවට තමන් වරදකරු බව වෙළෙඳ සැල් හිමියා විසින් පිළිගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක දඩයක් නියම කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!