27.5 C
Galle

බලපිටියේ වෙඩි තැබීමකින් තරුණයකු මරුට

Published:

බලපිටිිය මූලික රෝහල ඉදිරිපිට දී අද (31) රාත්‍රී සිදු කළ වෙඩි තැබීමකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වතුගෙදර, සීනිගොඩ පදිංචි මධුර කසුන් ගුණතිලක නමැති තරුණයෙකි. මියගිය තරුණයා අහුංගල්ල සිට අම්බලන‍්ගොඩ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි ද පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!