28 C
Galle

වායු ගෝලයේ කැලඹීම දිගටම. තැන තැන මහ වැසි

Published:

පහළ වායුගෝලයේ කැලඹිලි සහිත තත්වය හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටත් විටින් විට තද වැසි ඇතිවිය හැකි බවත් කාර්යභාර කාලගුණ විද්‍යාඥ කීවේය. එම වැසි මිලි මීටර 75 ඉක්මවිය හැකි බවද පවසයි.

මීට අමරතව ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය වඩාත් සැළකිලිමත්ව පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (01) ශ්‍රී ලංකාවේ කල්පිටිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුනුපොතගම, උට්ටිමඩුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිකවැව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙල්ලායි සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වෙයි.

Related articles

error: Content is protected !!