27.5 C
Galle

IMF ශ්‍රී ලංකාවට සහය දෙන බව නිල වශයෙන් දැනුම් දෙයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවලින් පසු මේ පිළිබඳ එකඳතාවකට පැමිණි බව ද එම නිවේදනයේ දක්වා ඇත.

එම පහසුකම ඉදිරි මාස 48 හෙවත් වසර 04ක කාලය සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වන පීටර් බෲඅර් සහ මසහීරෝ නොසාකි පසුගිය අගෝස්තු 24 වැනි දා සිට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ‍සාකච්ඡාවල නිරත වූ අතර ශ්‍රී ලංකාවට “පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ” සඳහා සහාය වීම එම සාකච්ඡාවල අරමුණ වූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායීතාවව ඇතිකිරීමටත් ණය තිරසර බව ඇතිකිරීමටත් මෙම විස්තීර්ණ අරමුදල් උදව්වන බව ඔවුහු ප්‍රකාශ කළහ.

මේ සමඟ ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාව ඇති කර දූෂණ අවදානම අඩු කරමින් සංවර්ධන කටයුතු ඉටු කර ගැනීමට උපකාරී වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ කීහ.

Related articles

spot_img
error: Content is protected !!