28 C
Galle

සමගි ජන බලවේගයේ කාර්යාලයක කාන්තා මළ සිරුරක්

Published:

සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ තිබී වෙඩි වැදී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ සකුන්තලා වීරසිංහ නමැති 38 හැවිරිදි කාන්තාවකි.

කෑගල්ල, කළලුගල්ල මාවතේ පිහිටි එම කාර්යාලයේ සේවිකාවක වන ඇය මියගොස් ඇත්තේ ඝාතනය කිරීමෙන්ද නැතිනම් සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳ මේ වනවිට සැකයක් පවතින බව ද පොලිසිය පවසයි.

අද (01) දහවල් සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ අතර ඉන් අනතුරුව දේහය කෑගල්ල රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

Related articles

error: Content is protected !!