28 C
Galle

IMF එකඟතා සමඟ කොටස් වෙළෙඳ වර්ධනය වෙයි

Published:

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක මාස 48ක කාල සීමාවක් සඳහා වූ ණය ගිවිසුමක් සඳහා එකඟතාවක් ඇතිවූ බව අද (01) නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි. අද දිනය වනවිට නොකඩවා දින 13ක් තිස්සේ විදේශීය ආයෝජකයන් ශුද්ධ මුදල් ගලාඒමක් කොටස් වෙළෙඳ පොළ තුළ දැකිය හැක. මෙම සාධනීය තත්වයන් මත ‍කොටස් වෙළෙඳ පොළ අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 37,187ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,087ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 183 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,254ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 249
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 557
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 765

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 11
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං (X) සමාගම 50%
  • ගෙස්ටෙට්නර් සමාගම සමාගම 24%
  • කෝට් ලෑන්ඩ් සමාගම 22%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.4 රුපියල් 225.00 බැගින්
  • කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගම කොටස් ලක්ෂ 04 රුපියල් 104.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 432
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 421ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 293ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 128ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 340
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 12
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 10

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 112
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 48
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 37

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!