28 C
Galle

රට බංකොලොත් වූ හැටි මහ බැංකු අධිපති කියයි

Published:

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරි පසුගිය අප්‍රේල් මාසයටත් පෙර සිට ම රට බංකොලොත් වී තිබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (31) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරමිනි.

පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව නිල වශයෙන් ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත්විය. නමුත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ ඊට පෙර සිටම ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර තිබූ බවයි. 2019 වර්ෂයේ දී සිදුකරන ලද බදු කප්පාදුව සහ විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වූ බව ද ඔහු අනාවරණය කළේය.

Related articles

error: Content is protected !!