27.5 C
Galle

මිද්දෙණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published:

මිද්දෙණිය සතොස්මාතාගම දී ඊයේ (01) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සතොස්මාතාගම පදිංචි එම පුද්ගලයා සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් යතුරුපැදියකින් පැමිණෙමින් සිටිය දී වෙඩි තැබීමට ලක්ව ඇත.

ඔහු තලාව රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) දහවල් පැවැත්වෙන අතර මිද්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

spot_img
error: Content is protected !!