28 C
Galle

සමගි ජන බලවේගය හා ඩලස් පිල අයවැයට කරන්න යන දේ

Published:

අතුරු අයවැය සඳහා අද (02) පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ස්වාධීන වූ 13 දෙනාගේ කණ්ඩායම පවසයි.

ඒ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් දෙදෙනා ද තහවුරු කළහ.

ජාතික ජන බලවේගය පවසන්නේ තම ස්ථාවර මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කරන බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දක්වන කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ 116කි. ඒ අනුව සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම ඡන්දය ප්‍රකාශ කළ ද ඔවුන්ට වැඩි ඡන්ද 03ක් හිමිව තිබේ. ඔවුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නම් අතුරු අයවැය ඡන්ද විමසීමේ දී එය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇත.

Related articles

error: Content is protected !!