28 C
Galle

බැසිල්ට තම රටට ගොස් බෙහෙත් ගැනීමට අවසර ලැබෙයි

Published:

ඇමෙරිකාවේ පුරවැසියකු වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි 15 දක්වා විදේශගතවීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අවසර ලබා දී තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ ඇමෙරිකාවට යාමට අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ වෙනුවේන පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුතුයැයි ද ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්න යැයි ද ඔහු එහි වගඋත්තරකරුවකු ලෙස නම් කරන්න යැයි ද ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබිණි.

ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් මීට පෙර නිියෝගයක්  නිකුත්කරන ලදී.

Related articles

error: Content is protected !!