31.3 C
Galle

ගුරු මාරුවීම් නවතා දමයි

Published:

ගුරු ස්ථානමාරුවීම් සහ අනුයුක්ත අයදුම්පත් බාර ගැනීම 2023 වර්ෂය දක්වා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ගැබිනි ගුරුවරියන් වෙත ලබාදෙන අනුයුක්ත සහ වෛද්‍ය වාර්තා මගින් සනාථ කළ හැකි සෞඛ්‍ය හේතූන් මත ලබාදෙන අනුයුක්ත පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ප්‍රවාහන අපහසුතා නිසා අනුයුක්ත ලබාගත් ගුරුවරුන්ගේ එම අනුයුක්ත පසුගිය 31 වැනි දා අවසන් වුව ද ඒ ඒ පාසල්වල විදුහල්තිවරුන්ගේ එකඟතාව ඇත්නම් පමණක් එය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කළ හැකි බව ද අධ්‍යාන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!