31.3 C
Galle

බදු වංචාවට උදව් කළ රේගු සහ ආදායම් බදු නිලධාරීන් 600කට වැඩ වරදියි

Published:

ව්‍යාපාරිකයන්ට බදු නොගෙනවා සිටීමට රේගුව හරහා යම් යම් බාණ්ඩ හොර රහසේ ආනයනය කිරීමට උදව් කරන රේගු නිලධාරීන් සහ ආදායම් බදු නිලධාරීන් 600ට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර තිබේ.

එම පුද්ගලයන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා සකස් කරමින් පවතින බවත් ඔවුන් සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මණින් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

රේගුවෙන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස කෝටිපති ව්‍යාපාරිකයන්ට, තම හිතවතුන්ට සහ ඥාතීන්ට බදු නොගෙවා සිටීමට ලබාදෙන අවස්ථාව හේතුවෙන් රජයට වසරකට කෝටි 10,000ක් පමණ අහිමිවන බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!