අද (02) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,586ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 873ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,812ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම මිලියන 157
- සම්පත් බැංකුව සමාගම මිලියන 117
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 70
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 7.9
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම කොටස් මිලියන 3.9
- සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 1.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 21%
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
- හුන්නස් හෝල්ඩිංස් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 420
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 43 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 183ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 140ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 32
- එස් එම් බී ලීසින් සමාගම රුපියල් මිලියන 04
- ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම රුපියල් මිලියන 116
- එන් ඩී බී බැංකුව සමාගම රුපියල් මිලියන 55
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



