31.3 C
Galle

සීතා, ගෝඨාභයට සිය කැමැත්ත දෙයි

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමට තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි ජාතික ලැයිස්තු මන්ත්‍රී සීතා අරඹේපොළ පවසයි.

ඇය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන්නීය.

තමන් එවැනි සූදානමකින් සිටිය දී පක්ෂයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් හෝ තමන්ට ඉල්ලා අස්වන්න යැයි ඉල්ලීමක් කර නැතැයි ද ‍හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඇය පවසයි.

නමුත් ඇය කල්වේලා ඇතිව ම ඉල්ලා අස්වීම සඳහා තම කැමැත්ත ප්‍රකාශකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!