28.4 C
Galle

රටවල් 18කට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 41ක් ණය වූ හැටි

Published:

ශ්‍රී ලංකාව සුගිය වසර 10ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 41කට වැඩි මුදලක් ණය ලෙස ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ණය ලබාගෙන ඇත්තේ විදේශ රටවල් 18කින් සහ ආයතන 44කිනි.

මුදල් අමාත්‍යාංශය වාර්තා කරන්නේ එලෙස ලබාගත් ණය මුදලේ වටිනාකම රුපියල්වලින් ට්‍රිලියන 06කට අධික බවයි. එය රුපියල් ට්‍රිලියන 06යි, බිලියන 561යි, මිලියන 499ක් සහ 730, 580කි. (6,561,499,730,580) එය ඇමෙරිකානු ඩොලර් 41,668,201,606 කි.

මෙම ණය මුදල 2012 ජනවාරි 01 වැනි දා සිට 2022 ජුනි 30 වැනි දා දක්වා මුදල් ආමත්‍යාංශය විසින් සැකසූ වාර්තාවල සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සංවර්ධන ව්‍යාපෘති ණය, ස්වෛරීත්ව බැඳුම්කර හා විදේශ විනිමය කාලීන ණය පහසුකම් යටතේ එම මුදල් ලබාගෙන ඇති බවයි.

2022 අප්‍රේල් මස 12 වැනි දිනය වනවිට ශ්‍රී ංකාව ගෙවීමට ඉතිරිව තිබූ ණනය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 34කට අධික විය.

Related articles

error: Content is protected !!