31.3 C
Galle

සෙල්ෆි ඡායාරූපයක් තරුණයකුට මරු කැඳවයි

Published:

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දියඇල්ලක් අසළ දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණනයකු ඇල්ලෙන් පහළට ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචිව සිටි මධුශංක සාගර නමැති 24 හැවිරිදි තරුණයෙකි.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමඟ දිය ඇල්ල නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී පය ලිස්සා ඇල්ල පහළට ඇද වැටුණු බව මිතුරෝ කියි. එම ස්ථානයේ සිට මීටර 200ක් පමණ පහළින් දියවළක තිබී ඔහුගේ මළ සිරුරු ගොඩට ගෙන ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!