28.4 C
Galle

බංග්ලාදේශ අගමැතිනියගෙන් ශ්‍රී ලංකාවට පාඩමක්

Published:

බංග්ලාදේශය ශ්‍රී ලංකාව වැටී ඇති ආකාරයේ කඩා වැටීමකට ලක් නොවන බව එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පැවසුවාය.

ඇය මේ බව කියා ඇත්තේ ඉන්දියාවේ ඒ.එන්.අයි පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.

එහි දී අගමැතිවරිය වැඩිදුරටත් පවසා ඇත්තේ විදෙස් ණය ගැනීමේ ව්‍යාපෘති නිසි සැළසුමකට අනුව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ මෙන් අර්බුදයකට නොයන බවයි.

යම් ව්‍යාපෘතියකින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන නිවැරදි තක්‍සේරුවකින් තොරව බංග්ලාදේශය කිසිම ණය මුදලක් නොගත් බවත්, එම ණය වාරික නිසි වේලාවට ගෙවීමට පියවර ගැනීම හේතුවෙන් ණය අනුපාතය අඩු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡාව අතරතුර සඳහන් කළාය.

මෑතක දී ඇති වූ කොරෝනා වසංගතය සහ යුක්‍රේන යුද්ධය වැනි ගෝලීය අර්බුද හමුවේ පවා බංග්ලාදේශ්‍ය නිසි කළමනාකාරීත්යකින් ආර්ථිකය මෙහෙය වූ බැවින් ශ්‍රී ලංකාව වැනි අර්බුදයකට තම රට කිසි දිනක මුහුණ නොදෙන බවත් අගමැතිනිය පවසයි.

Related articles

error: Content is protected !!