31.3 C
Galle

වැවේ පා වූ මළ සිරුර ඥාතීන් සොයාන්නා තුරු රෝහලේ තැන්පත් කරයි

Published:

බණ්ඩාරගම උයන්වත්ත වැවේ තිබී හමු වූ පිරිමි පුද්ගයකුගේ මළ සිරුරක් අද (04) හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන නියෝග කළේය.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඉදිරිපත්වීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

උයන්වත්ත වැව ආසන්නයේ පිරිමි ඇඳුම්, පාවහන් යුගලක් සහ හිස් මත්පැන් බෝතලයක් ඇති බවට එහි දිය නෑමට පැමිණි තරුණයන් පිරිසක් විසින් පොලිසියට දැනුම්දීමෙන් පසු කරන ලද සෝදිසියක දී මේ මළ සිරුරු සොයාගෙන තිබිණි.

පොලිසිය සැකකරන්නේ මෙම පුද්ගලයා මත්පැන් පානය කර දිය නෑමට ගොස් දියේ ගිලෙන්නට ඇති බවයි.

පානදුර කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ එහි පරීක්ෂණ සිදුකර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!