28.4 C
Galle

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන හැටි ඇමති කියයි

Published:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මේ මස අවසානයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ සම්බන්ධ යෝජනා මේ වනවිටත් සකසමින් පවතින බව ද හෙතෙම කීවේය. ඊට අදාලව පත්කළ කමිටුව අද (04) දිනයේ ද රැස්විය.

මේ වනවිට එම කමිටුව ආර්ථික විශේෂඥයන්, විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ විදුවත් වෘත්තිකයන් ඇතුළු නොයෙකුත් පාර්ශව කරුවන් සමඟ සාකච්ඡා කර ඇති අතර ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගීතා කොමිසම සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඉන් පසු අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාව සකසන බව ද අමාත්‍යවරයා පවසයි.

Related articles

error: Content is protected !!