31.3 C
Galle

කොළඹ වරාය නගරයත් පුස්සක් වෙයි ?

Published:

කොළඹ වරාය නගරයේ බිම් කොටස් 74ක් විදේශ ආයෝාජකයන් සඳහා වෙන්කර තිබුණ ද මෙතෙක් ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ ආයෝජකයන් 06 දෙනකු පමණි. එලෙස ඉදිරිපත් වූ ආයෝජකයන් ද මෙතෙක් කිසිම කාර්යයක් ක‍ොළඹ වරාය නගරයේ ආරම්භ කර නැත.

ඒ අනුව වරාය නගරයේ බිම් කොටස් 68ක් තවමත් කිසිදු ආයෝජකයකු නොමැති තත්වයට පත්ව ඇත. අදාල නීතිමය කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉදිරිපත් වූ ආයෝජකයන්ට ද තම කටයුතු ආරම්භ කිරීමට අපහසු වී ඇති බවත් එය නව ආයෝජකයන් අධෛර්යමත් වීමට හේතුවක් වනු ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ කියති.

හෙක්ටයාර 269ක විශාලත්වයකින් යුතු කොළඹ වරාය නගරය චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙයි.

ආයෝජකයන් පැමිණීම බලාපොරොත්තු වූ පරිදි සිදු නොවීමට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය  ද හේතුවකි.

Related articles

spot_img
error: Content is protected !!