31.3 C
Galle

දිනපතා ඉන්ධන පිරවුම්හල් 400ක් වසා දමලා ?

Published:

රට පුරා ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ දින පතා වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසයි.

යම් පිරවුම්හලකට ඉන්ධන ලබාගන්නේ නම් එම තොගය සඳහා පෛර දින සම්පූර්ණ මුදල් ගෙවිය යුතුයැයි හඳුන්වාදුන් ක්‍රමය නිසා මේ තත්වය ඇති වී තිබෙන බව ද ඔහු කියා සිටියේය.

ඉන්ධන ලැබෙන දිනට පෙර දින රාත්‍රී 9.30 කලින් ඉන්ධන සඳහා ගෙවීම් නොකළොත් ඉන්ධන ලැබෙන්නේ නෑ. දෛනිකව ප්‍රමුඛතා ලැයිස්තුවක් මගින් විවිධ ප්‍රදේශවල ඉන්ධන ලබා දෙන පිරවුම්හල් තීරණය කර තිබෙනවා. මේනිසා අනෙක් ඒවා වසා දාලා. පිරවුම්හල් හිමියන්ට දැන් විශාල මුදලක් ගෙවන්න වෙලා. ඉන්ධන තොග රැස්කරන්න හැකියාවක් නැහැ. අපිට ප්‍රශ්නය තියෙන්නේ පිරවුම්හල්වල ඒ තරම් මුදල් සංසරණය නොවීම. ඉන්ධන අඩුවක් නෑ නමුත් මේ ගෙවීම් කරන්න බැරි නිසා සෑම දිනකම ඉන්ධන පිරවුම්හල් 300-400ත් අතර ප්‍රමාණයක් වසා දාලා තියෙන්නේ.” යැයි ද කුමාර රාජපක්ෂ වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!