31.3 C
Galle

විදේශයක සිට පැමිණි බිරිඳ, සැමියා විසින් ඝාතනය කරලා

Published:

විදේශගත වී සිට පැමිණි බිරිඳගේ ගෙල කපා සැමියා විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් ඊයේ (04) රාත්‍රී දඹුල්ල කොට්ටවෙළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගීතා කුමාරි කරුණාතිලක නමැති 42 හැවිරිදි කාන්තාවකි.

ඇය විදේශයක සිට පසුගිය 31 වැනි දා පැමිණ ඇති අතර තම මවගේ නිවසේ සිටිය දී මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතය. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!