28.4 C
Galle

තට්ටු ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

Published:

වැල්ලවත්ත පොලිස් වසමේ මායා මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගයෙකු මියගොස් තිබේ.

ඊයේ (04) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මරණකරු මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලක 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම මහලේ ජනේලයක් අසලදී බිමට වැටී ඇති බවට මූලික විමර්ශනයේදී අනාරවණය වී ඇත.

මියගිය පුද්ගලයා 46 හැවිරිදි කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

error: Content is protected !!