28.4 C
Galle

ලොකුවට වැඩි කර, සොච්චමක් අඩු කරන ලිට්‍රෝ ගෑස් නව මිල

Published:

ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල සුළු වශයෙන් පහත දමා තිබේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුනව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113.00කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4,551.00කි.

කිලෝ ග්‍රෑම් 05ක් වූ සිලින්ඩරයක් රුපියල් 45.00 කින පහළ දමා ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 1,827.00කි. කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 848.00 ක් ලෙස දැක්වෙන අතර එහි මිල පහත දමා ඇත්තේ රුපියල් 21.00ක මුදලකිනි.

Related articles

error: Content is protected !!