28.4 C
Galle

පාසල් සිසුවා පැදවූ රථය ගසක වැදී සිසුවා මරුට, පියාටත් බරපතලයි

Published:

පාසල් සිසුවකු විසින් පැද වූ මෝටර් රථයක් ඊයේ (04) රාත්‍රී ගසක වැදීමෙන් එම සිසුවා මියගොස් යාබද අසුනේ සිටි ඔහුගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි බිබිළ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. තුවාල ලැබූ පියා බිබිළ රෝහලට ඇතුළත්කර සිටියි.

ඔහුගේ  පියා උපකාරක පන්ති ගුරුවරයකු වන අතර පන්ති නිමවා සිය පුතු සමඟ පදියතලාවේ පිහිටි නිවසට පැමිණෙද්දී රථය පැදවීමට පුතාට බාර දී ඇත. බිබිළ පුවක්පැල රක්ෂිතය ප්‍රදේයේ දී මාර්ගයේ වන අලියකු දැක රථය පැදවූ පාසල් සිසුවා කලබල වී රථය පාලනය කරගත නොහැකිව ගසක වැදී අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!