28.4 C
Galle

ඇළට වැටුණු පාසල් සිසුවා බේරාගැනීමේ සියලු උත්සාහ ව්‍යර්ථ වේ

Published:

ජලය පිරුණු බෝක්කුවකට වැටී හිරවුණු පාසල් සිසුවකු පැයක පමණ කාලයක් තිස්සේ බේරාගැනීමට උත්සාහ ගත්ත ද ඔහු ජීවිතයෙන් සමුගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ජයන්තිපුර පදිංචි සචිත්‍ර සේනාරත්න නමැති 13 හැවිරිදි සිසුවෙකි. ඔහු කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.

පාසල අවසන් වී සිය නිවසට යමින් සිටිය දී නිවස ආසන්නයේ දී ම මෙම අනතුරට ලක්ව ඇත. අතුරු මාර්ගයක ගමන් කරමින් සිටිය දී එම මාර්ගයේ පැමිණි පාසල් සිසුන් ප්‍රවාහන වෑන් රථයකට ඉඩ දීමට පාර අයිනට යද්දී ඔහු ලිස්සා ගොස් ඇළට වැටී ඇත. ඇළේ ගසාගෙන ගිය ඔහු බෝක්කුවක සිර වී සිටි බවත් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව පැයකට ආසන්න කාලයක් ඔහු බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවද ඔහු මියගිය බවත් පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!