30.9 C
Galle

අතුරුදන් වූ, ශ්‍රී ලංකා පොලිසිය සොයා පරිගණක අංශය දිවා රෑ නොබලා වෙහෙසෙයි

Published:

පොලිසියේ නිල වෙබ් අඩවිය police.lk මේ වනවිට මුළු මනින් ම අක්‍රිය වී තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩිදියුණු කරන බව පවසමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් වෙබ් අඩවිය නැවත යාවත්කාලීන කර තිබේ.

ඉන් පසු පසුගිය 03 වැනි දා පොලිසියේ 156 වැනි සංවත්සරය සමරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වෙබ් අඩවිය නැව විවෘත කෙරිණි.

නමුත් එය මේ දක්වා ම ක්‍රියාත්මක වන්නේ නැත. පොලිස් පරිගණක තාක්ෂණ අංශය දිවා රෑ නොබලා වෙහෙසෙමින් police.lk වෙබ් අඩවියට සිදු වූ දේ සොයාගැනීමට දැඩි වෙහෙසක් ගත්ත ද එය මෙතෙක් සාර්ථක වී නැත.

පසුගිය බ්‍රහස්පතින්දා සිට එම වෙබ් අඩවිය අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!