30.9 C
Galle

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ යළි කල් දමයි

Published:

2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ නැවත කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු  කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව කලින් දැනුම් දී තිබුණේ මේ මස 15 වැනි දා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන බවයි. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය 20 වැනි දා දක්වා කල් දැමීමට සිදුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අවසන් අදියරේ තිබෙන බව ද මාස දෙකක පමණ කාලක දී ප්‍රතිඵල නිකුත් කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!