28.3 C
Galle

ජල බිල් නො ගෙවූ මැති ඇමතිවරුන්ට වැඩ වරදී

Published:

ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති සියලු මැති ඇමතිවරුන්ගේ ජල සැපයුම් මාස දෙකකින් විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පවසන්නේ කතානායකවරයා විසින් ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවයි. රජයේ නිලධාරීන් විශාල පිරිසක් ද ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති අය අතර සිටින බවත් එම ජල සම්බන්ධතා ද විසන්ධි කිරීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

මෙතෙක් ජල බිල්පත් නො ගෙවූ  ජල සැපයුම් 21,527ක් අගෝස්තු මාසයේ දී විසන්ධි කර ඇතයි ද හෙතෙම කීවේ ය. ජල බිල්පත් ගාස්තු පසුගිය දිනවල වැඩි කළ ද ආගමික ස්ථාන සහ පාසල්වල ජල බිල්පත් ගාස්තු වැඩි කර නැත.

Related articles

error: Content is protected !!