අද (01) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 2.5ක් ගනුදෙනු වූ සම්පත් බැංකුව රුපියල් මිලියන 352ක ගනුදෙනු සිදුකරමින් අද දිනයේ වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 352ක් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,611ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 67ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,880ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 352
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 174
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 150
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 27
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 33%
- එස් එම් බී ලීසින් සමාගම 09%
- සිට්‍රස් වස්කඩුව සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 421
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 334
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 45 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 139ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 94ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 14
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 08
- එළිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 111
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 08
- එච් සෙනික් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



