27 C
Galle

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු සේවා කිහිපයක් නවතා දමයි

Published:

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නවතා දමා ඇතැයි නවේදනයක් නිකුත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස එම සේවා තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇති බවයි. විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!