27 C
Galle

පාස්කු ප්‍රහාරය දැන දැන පියවර නොගත්තා යැයි මෛත්‍රීට නොතීසි

Published:

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබන ඔක්තෝබර් 14 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද (16) නොතීසි නිකුත්කරන ලදී.

ඔහු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඇති බුද්ධි තොරතුරු පිළිබඳ දැන සිටිය දී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අද මෙම නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මගින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි

Related articles

spot_img
error: Content is protected !!