28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 37,227 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,344 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 11කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,061  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,000
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 353
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 292
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 401

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 15
  • ෆස්ට් කැපිටල් සමාගම කොටස් මිලියන 11
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකෙම් සිලෝන් සමාගම 26%
  • සෙරන්ඩිබ් ලෑන්ඩ් සමාගම 21%
  • ෆස්ට් කැපිටල් සමාගම 17%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස්  මිලියන 7.5 රුපියල් 230.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 04ක් රුපියල් 40.00 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 700,000ක් රුපියල් 200.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 500,000ක් රුපියල් 57.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 453
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 255
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 203

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 1,812ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,750 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,756
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 12

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 35
  • ලන්කෙම් සිලෝන් සමාගම රුපියල් මිලියන 06
  • ‍ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 06

Related articles

error: Content is protected !!