27 C
Galle

ඉන්දියාවට ශ්‍රී ලංකාව තුළ තවත් පහසුකම් සපයන්න සූදානමක්

Published:

ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක කර මෙතෙක් ප්‍රමාද වී ඇති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අවධානය යොමුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දු ලංකා ආයෝජන සඳහාවන බාධක ජයග්‍රහණය කළ යුතුයැයි ද ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙ‍‍ළෙඳ කාර්යාලයක් ස්ථාපිත කළ යුතු යැයි ද ජනාධිපතිවරයා කීවේය.

ඔහු මේ බව කියා සිටියේ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමිනි. 

මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවද ජනාධිපති වික්‍රමසිංහ මෙහිදී සඳහන් කළේය. 

Related articles

spot_img
error: Content is protected !!