27 C
Galle

බුද්‍ධ පූජාව හොරෙන් කෑවේ බඩගින්න දරාගත නොහැකි දරුවන්

Published:

කොළඹ ජාතික පාසලක දරුවන් දෙදෙනකු පාසලේ බුද්ධ පූජාව හොරෙන් කන බව අනාවරණය වූයේ යැයි ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂික නිර්මලා ඒකනායක කීවාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (16) ආහාර සුරක්ෂිතතාවය හා ‍පෝෂණය පිළිබඳ කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. එමෙන්ම තවත් පාසල් දරුවකු බත්වලට මිරිස්කුඩු ඉහගෙන ආහාරයට ගන්නා ආකාරය එම කලාපයේ සැළසුම් අධ්‍යක්ෂිකාවගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව ද ඇය පවසයි.

මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන කිසිම දුරස්ථ බවක් නැතිව සියලු දරුවන්ට සමානව අවම වශයෙන් එක් වේලක් හෝ ලැබිය යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!