27 C
Galle

තායිවානයේ ප්‍රබල භූමිකම්පාවක්. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

Published:

තායිවානය ආසන්න මුහුදේ සුනාමි තත්වයක් ඇතිකළ හැකි තරම් ප්‍රබල රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් හටගෙන තිබේ.

අද (18) තායිවානයේ වේලාවෙන් දහවල් 2.44ට භූමි කම්පා හටගෙන තිබේ. තායිවානයේ ටයිටංග් නගරය ආසන්න මුහුදේය. අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරුන් පිහිටා තිබිණි. 

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, මහල් නිවාස ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට කඩා වැටී ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් ගැන හෝ මියගිය පුද්ගලයන් ගැන හෝ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

මෙම ප්‍රදේශය ආසන්නයේ පසුගිය පැය 24ක දී විවිධ ප්‍රමාණයෙන් භූමි කම්පා 13ක් සිදුව තිබීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රදේශයේ ඇතිවන භූමිකම්පාවකින් සුනාමි තත්වයක් ඇති වුව ද එයින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇතිවන්නේ නැත.

Related articles

spot_img
error: Content is protected !!