28.3 C
Galle

ආදි වාසීන් අතර මත් ජවාරම්කරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Published:

දිඹුලාගල ආදිවාසී ගම්මානවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජවාරාමේ කොටස්කරුවන් වී ඇති බැවින් එවැනි අය සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

මනම්පිටිය පොලිසිය මෙම මෙහෙයුම දියත් කර ඇත. පොලිසිය පවසන්නේ ආදිවාසී කාන්තාන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් සිටින බවයි. ආදිවාසී ගම්මානවල තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඔවුන්ගේ නිවාසවල සෙවිළි තහඩු, උළුඅහු ජනෙල් පවා ගලවා විකුණා දමා ඇති බවයි. ඇතම් අය තම නිවාස පවා විකුණා ඇති බවත් මෙය වහාම මැඩලීම සඳහා විශේෂ මෙහෙයුක් දියත් කරන බවත් පොලිසිය සඳහන් කරයි.

ඊයේ (18) සිදුකළ මෙහෙයුම්වලින් වයස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීවේය.

Related articles

error: Content is protected !!