28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 35,643 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,620 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 12ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,913  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,209
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 804
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 313

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 08
  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා ආශෝක් ලේලන්ඩ් සමාගම 21%
  • රේඩියන්ට් ජෙම්ස් සමාගම 18%
  • ප්‍රින්ට් කෙයාර් සමාගම 14%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • ලංකා අයි‍ඕසී  සමාගම කොටස් 250,000ක් රුපියල් 282.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 750,000ක් රුපියල් 90.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිලියන 4.2ක් රුපියල් 228.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 199

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 1,039 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 990ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 968
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සීඅයිසී  සමාගම (X) රුපියල් මිලියන 3.3
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 3.2
  • පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!