28.3 C
Galle

පැල්මඩුල්ලේ පාසලක ගුරුවරයෙක් පාසලේ දී සිසුවියන්ට අතවර කරලා

Published:

පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන 10 හැවිරිදි දැරියන් දෙදෙනකුට අතවර කළා යැයි සැක පිට පැල්මඩුල්ලේ පාසලක ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම සැකකාර ගුරුවරයා තමන් බාරයේ ඇති පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනකුට මෙලෙස අතවර කර ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ශිෂ්‍යත්වය සඳහා පාසලේ දී පවත්වන අමතර පන්තිවලට සහභාගී වීම සඳහා දෙමාපියන් විසින් එම සිසුවියන් දෙදෙනා විදුහලට ගෙනවිත් ඇරලවූ පසු විද්‍යාල පරිශ්‍රය තුළ දී සැකකරු විසින් මෙලෙස ඔවුන්ට අතවර කර ඇතැයි ද වාර්තා‍ වේ.

ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය පවසන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

error: Content is protected !!