27.1 C
Galle

නොවැම්බරයේ සිට ඉන්ධන අළෙවියට පුද්ගලික සමාගම් එක්වෙයි

Published:

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීම සඳහා නොවැමබ්ර් මාසය‍ වනවිට සුදුසුකම් ලත් සමාගම්වලට අවස්ථාවව දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

‍රට පුරා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1,250ක් ස්ථාපිත කර තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල්වලින් තෝරාගත් ප්‍රමාණයක් වෙනත් ඉන්ධන සැපයුම් ආයතන වෙත ලබාදීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමුකර ඇත.

මේ වනවිටත් ඒ සඳහා කැමැත්ත පළකරමින් සමාගම් 24ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් සමාගම් කිහිපයක් කඩිනමින් තෝරාගැනීමට නියමිතය.

මෙම ක්‍රිියාවලියට විරෝධය දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෝ දේවලවලට ගොස් දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගැසීමේ වැඩපිළිවෙලක් පසුගිය දා සිදු කළහ.

Related articles

spot_img
error: Content is protected !!