28.3 C
Galle

යාපනයේ දී විදෙස් කතකට, 10 දෙනකු අතවර කරලා

Published:

විදෙස් තරුණියක් යාපනයේ සංචාරයක නිරතව සිටිය දී පිරිසක් විසින් අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ස්පාඤ්ඤ ජාතික 27 හැවිරිදි තරුණියකි. ඇය යාපනයේ කයිට්ස් දූපතට ගොස් සිටිය දී කෝවිලන් ප්‍රදීපාගාරය අසළ දී තරුණයන් 10 දෙනකු විසින් ඇය සමූහ අප‍යෝජනයට ලක්කළ බව පැමිණිල්ලේ සඳහන් වේ.

කයිට්ස් පොලිසිය පවසන්නේ එම තරුණයන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය කීවේය.  

Related articles

error: Content is protected !!