28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 30,107 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,017 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,964  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 394
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 237
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 151

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 25
  • ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ගෝල්ෆේස් කැපිටල් සමාගම 17%
  • නේෂන් ලංකා සමාගම 16%
  • ඒෂියා සියාකා සමාගම 15%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • සීඅයිසී සමාගම  කොටස් 241,000ක් රුපියල් 85.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 150,000ක් රුපියල් 143.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 432
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 246
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 197

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 53ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 17ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 24
  • හේලීස් සමාගම රුපියල් මිලියන 20
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 5.9

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 11
  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 08
  • නේෂන් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!