27.1 C
Galle

කොළඹ ආරක්ෂාව දැඩි කරයි

Published:

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!