27.6 C
Galle

අහුන්ගල්ලේ දී වෙඩි කෑ තරුණයා මරුට

Published:

අහුන්ගල්ලේ දී ඊයේ (23) රාත්‍රී වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත් නමැති  29 හැවිරිදි විවාකයෙකි.

ඔහු ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ වාඩි වී ගමන් කරමින් සිටිය දී බෝගහපිටිය පාලම අසළ සිට කිසියම් පිරිසක් විසින් මියගිය පුද්ගලයාට සහ ත්‍රී රෝද රථ රියදුරුට වෙඩිි තබා ඇත. තුවාල ලැබූ රියදුරා ද බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ත්‍රී රෝද රථය මියගිය පුද්ලයා විසින් කුලියට ගත් රථයක් බවත් රියදුරා තුවාල සහිතව දිවගොස් පන බේරාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!