28.3 C
Galle

ටොෆි කෑ ළමයි පිරිසක් රෝහල්ගත කරයි

Published:

ටොෆි වර්ගයක් ආහාරයට ගැනිමෙන් අසනිපවු බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන් හත් දෙනකු  අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කළ බව පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිනි පමිලා නිශාන්ති මහත්මිය පැවැසුවාය.

අමතර පන්තියකට සහභාගිවු පහ වසර පන්තියක ළමුන් පිරිසක් ප්‍රදේශයේ වෙළදසලකින් මිලදි ගත් ටොෆි බෝල වර්ගයක් ආහාරයට ගෙන ඇත. ටොපි වර්ගය අහාරයට ගැනීමෙන් පසුව ළමුන් කීපදෙනකු අසනිපවි ඇති අතර පසුව ඉන් සිසු සිසුවියන් හත් දෙනකු අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත්කර තිබේ.

පිඹුර රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප්‍රකාශ කලේ ටොෆි බෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් අසනිප වු වයස අවුරුදු 10 -12 ළමුන් හත් දෙනකු රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බවත්ය.

Related articles

error: Content is protected !!