27.6 C
Galle

අධිවේගයේ දී බසයක පිටුපස රෝද දෙකක් ගැලවී විසි වෙයි

Published:

කතරගම සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ බසයක පිටුපස රෝද දෙකක්  ඊයේ (23) සවස ගැලවී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වැලිපැන්න සහ දොඩංගොඩ හුවමාරු දෙක අතර කිලෝ මීටර 36 කණුව පසුකළ විට මෙම අනතුර සිදුව ඇත. බසය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් විශාල සංඛ්‍යාවක් සිටි වත් ඔවුන් කිසිවෙකුට අනනතුරක් නැති බවත් වාර්තා වේ.

රෝද දෙක ගැලවී බසය මීටර සිය ගණනක් ඉදිරියට ධාවනය වී ඇති බැවින් අධිවේගී මාර්ගයට දැඩි හානි සිදුව ඇතැයි ද දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!